යාපහුව පුරාවිද්‍යා භූමියේ මෑතකදී සිදුකළ කැණීම්වලින් අනාවරණය කරගත් පුරාවිද්‍යාත්මක සාධක නිරීක්ෂණය කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා එක්වී තිබේ.
මෙම නව කැණීම් මඟින් හඳුනාගෙන ඇති පුරාවිද්‍යාත්මක සාධක හරහා මෙරට ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු රැසක් හෙළිදරව් කරගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ ගීතා හේරත් මහත්මිය, මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේධ කුමාර මහතා, උප සභාපතිතුමිය ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ, මහාචාර්ය මංගල කටුගම්පොළ සහ මහාචාර්ය සමිත මානවඩු යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වී ඇත.















