මාළඹේ, හෝකන්දර ප්‍රදේශයේදී මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව, විශේෂ මෙහෙයුම් III ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (30) දින මාළඹේ පොලිස් වසමේ හෝකන්දර, වානගුරු මාවතේ පිහිටි ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී මෙම වැටලීම සිදු කර ඇත.
මෙහිදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02ක්, ග්‍රෑම් 105ක් සහ මිලිග්‍රෑම් 600ක් සමඟ රුපියල් 39,290ක මුදලක් සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති අතර, මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
















