ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල ගණන් පහළ දැමීමත් සමඟ ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
ඒ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 399කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 20කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 475ක් වේ. අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන් සංශෝධනය නොකිරීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගෙන ඇත.














