කන්දකැටිය පොලිස් වසමේ බුළුව මැටිහක්ක ප්‍රදේශයේ හේන් යායක හටගත් ගින්නකට හසුවී පුද්ගලයෙකු ඊයේ (30) රාත්‍රී මියගොස් ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 73ක් වන කන්දකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ලද තොරතුරකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පවසන පොලිසිය, මෘත ශරීරය දැනට පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා ඇති අතර වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
















