රජය විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් පහත හෙළනු ලැබුවද, ත්‍රීරෝද රථ ගාස්තුවල කිසිදු සංශෝධනයක් සිදු නොවන බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එල්. රෝහණ පෙරේරා මහතා පවසයි.
කිරිපිටි සහ පාන් පිටි මිල ඉහළ නංවමින් ඉන්ධන මිල රුපියල් 15කින් පහත දැමීම රජයේ උපායමාර්ගික ක්‍රියාමාර්ගයක් බවට චෝදනා කළ ඒ මහතා, ත්‍රීරෝද රථ ගාස්තු නියාමනයට අදාළ සියලුම මිල ගණන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් සකස් කර අමාත්‍යාංශය වෙත භාර දී ඇති බව සඳහන් කළේය. බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් ගාස්තු සංශෝධනයක් ඉල්ලා සිටිය නොහැකි බවත්, නියාමන බලතල ජාතික ගමනාගමන කොමිෂන් සභාව සතු බැවින් මිල පාලනයට තමන්ට අයිතියක් නැති බව එම අධිකාරිය ප්‍රකාශ කර ඇති බවත් ඔහු පැවසීය.
ඒ අනුව, නීත්‍යානුකූල ගාස්තු සංශෝධනයක් එන තෙක් පළමු කිලෝමීටරය සඳහා රුපියල් 110ක් සහ දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 90ක් වන පැරණි ගාස්තුම අය කිරීමට සිදුවන බව රෝහණ පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
















