අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 14ක් සන්තකයේ තබාගත් තරුණයෙක් කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගොතටුව ප්‍රදේශයේදී ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ගොතටුව පොලිස් වසමේ සීම්ලැක්ස් මාවත ප්‍රදේශයේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28ක් වන ගොතටුව ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
සැකකරු අද (31) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.
















