කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන් සහ වයඹ පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරීන් ඇතුළු පිරිසක් අද (31) දහවල් කෑම පැයේදී කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
ජීවත්වීමට සාධාරණ වැටුපක් ලබා දෙන ලෙසත්, මැතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කරන ලෙසත් බල කරමින් මොವರುන් මෙම විරෝධතාවයේ නිරත විය. “ජීවන බර අහස උසට, ගන්න පඩිය එක සතියයි, වසර 5න් උසස්වීම් ලබා දෙනු, ආර්ථික සංවර්ධන නිලධාරී ව්‍යවස්ථාව ලබා දෙනු, රුපියල් විසිපන්දාහක් අපේ වැටුපට එකතු කරව්” යනාදී විවිධ සටන් පාඨ කියමින් රාජ්‍ය නිලධාරීන් මෙලෙස සිය විරෝධය පළ කර තිබේ.
















