රජයේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය යටතේ මේ වන විට වී මෙට්‍රික් ටොන් 46,000කට වැඩි ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි. අද (31) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.
මීට අමතරව, වී මෝල් සහ සමූපකාර පදනම් කරගනිමින් රාජ්‍ය මැදිහත්වීම මත වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළද මේ වන විට ආරම්භ කර ඇත. මෙවර යල කන්නයේ වී මිලදී ගැනීම පසුගිය ජූලි 13 වැනිදා ආරම්භ වූ අතර, මීට පෙර රජය අපේක්ෂා කළේ වී මෙට්‍රික් ටොන් 39,500ක ප්‍රමාණයක් මිලදී ගැනීමටය. කෙසේ වෙතත්, එම අපේක්ෂිත ඉලක්කය ද අභිබවා යමින් සාර්ථක ලෙස වී මිලදී ගැනීමට රජය සමත්ව තිබේ.
















