ශ්‍රී ලංකාවේ විශිෂ්ටත්වය ජාත්‍යන්තර වේදිකාවට රැගෙන යාමේ අරමුණින්, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් හිදී (Sydney Opera House) පසුගිය අගෝස්තු 23 වන දින පැවති ‘Rhythms of Lanka’ සංගීත ප්‍රසංගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස Home Lands සමූහ ව්‍යාපාරය කටයුතු කර තිබේ. දළ වශයෙන් 2,500ක ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම ප්‍රසංගය හරහා දශක දෙකකට පසු සිඩ්නි ඔපෙරා හවුස් හිදී විශාල මට්ටමේ ශ්‍රී ලංකා සංගීත ප්‍රසංගයක් පැවැත්වීම විශේෂත්වයකි.
රූකාන්ත ගුණතිලක, කසුන් කළුහර, කාංචනා අනුරාධි, චිත්‍රපල් සෝමපාල සහ ප්‍රවීණ පියානෝ වාදක ඊෂන් දෙනිපිටිය ඇතුළු ප්‍රවීණ ශ්‍රී ලාංකික කලාකරුවන් රැසක් මෙහිදී තම ප්‍රතිභාව විදහා දැක්වූහ. මීට අමතරව, ප්‍රසංගයට සමගාමීව Home Lands ආයතනය විසින් සිඩ්නි නුවරදී විශේෂ ආයෝජන සංසදයක් ද සංවිධානය කර ඇති අතර, එහිදී ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳපළ ආයෝජන අවස්ථා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සහ ආයෝජකයින් වෙත හඳුන්වා දීමට කටයුතු කර තිබේ.














