අද (31) දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 38.8ක අගයක් වව්නියාව කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ ප්‍රදේශ රැසක අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින අතර, වව්නියාව ප්‍රදේශයෙන් වාර්තා වූ මෙම උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාවට ආසන්න වීම විශේෂත්වයකි. පවතින අධික උණුසුම හමුවේ ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.














