කොළඹ වරායේදී බහාලුම් දෙකක් තුළ තිබී සොයාගත් අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 463කට ආසන්න බවත්, එහි දේශීය වෙළඳපොළ වටිනාකම රුපියල් කෝටි 800කට (බිලියන 8කට) අධික බවත් පොලීසිය තහවුරු කරයි.
අපරාධ හා රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය එක්ව ශ්‍රී ලංකා රේගුවේ සහාය ඇතිව අදාළ බහාලුම් විවෘත කර පරීක්ෂා කර තිබේ. නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා සඳහන් කළේ අදාළ මත්ද්‍රව්‍ය කිරා මැන බැලීමේ කටයුතු සිදු කළ බවයි. මෙම දැවැන්ත ජාවාරම පිටුපස සිටින මහමොළකරුවන් සහ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ පුද්ගලයින් අනාවරණය කරගැනීම සඳහා විශේෂ විමර්ශන ඇරඹී ඇත.














