රජරට කලාපයේ පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ අනුරාධපුර දිස්ත්රික්කයේ ජල මූලාශ්ර සීඝ්රයෙන් සිඳී යමින් පවතින බව අනුරාධපුර දිස්ත්රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ප්රකාශ කරයි.
දිස්ත්රික්කයේ පවතින සුළු වාරි ජලාශ 2,410 අතුරින් වැව් 788ක ජලය සම්පූර්ණයෙන්ම වාගේ සිඳී ගොස් ඇති අතර, තවත් වැව් 612ක ජල මට්ටම 5%ට වඩා පහළ බැස තිබේ. මේ වන විට සමස්ත ජල ප්රමාණයෙන් 75%කට වඩා රඳා පවතින්නේ ප්රධාන වැව් 7ක පමණක් බව ද ලේකම්වරයා සඳහන් කළේය. පවතින මෙම උග්ර නියඟය හේතුවෙන් ජනතාවට පානීය ජලය සොයාගැනීම දුෂ්කර වී ඇති අතර, කෘෂිකර්මාන්තයට මෙන්ම වනසතුන්ට ද දැඩි බලපෑම් එල්ල වී ඇත.














