ඩුබායි නුවර ආසන්නයේ පිහිටි අල් මින්හාද් ගුවන් හමුදා කඳවුර වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ බවට ඉරාන හමුදාව කළ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම අසත්‍ය බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ලාරක් දූපතේදී ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ සෙබළුන් සහ සිවිල් වැසියන් මියයාමට ප්‍රතිචාරයක් ලෙස, ඇමෙරිකානු හමුදා සහ හෙලිකොප්ටර් යානා රැඳී සිටින අල් මින්හාද් කඳවුරට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත්, එම පුවත් පදනම් විරහිත බවත්, රටේ ස්වෛරීභාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නද්ධ බලකායන් ඉහළම සූදානමකින් පසුවන බවත් එමීර් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.














