ලඩාක් කලාපයට ස්වයංපාලන අයිතිවාසිකම් ලබාදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන උපලේඛනයට ඇතුළත් කිරීම වෙනුවෙන් සටන් කරන ප්‍රකට පරිසරවේදී සහ ක්‍රියාකාරික සොනම් වංචුක් විසින් පෝඩ්කාස්ට් සාකච්ඡාවකට එක්වෙමින් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදුකර ඇත.
එහිදී අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, පවතින ජනතා විරෝධතාවන් සහ උපවාස ව්‍යාපාරයන් වහාම අවසන් කරන ලෙස ජනතාවට දැනුම් දෙන ලෙස ඉන්දියානු අග්‍ර විනිශ්චයකාරවරයා පෞද්ගලිකවම තමන්ගෙන් ඉල්ලා සිටි බවයි.
ලඩාක් හි පාරිසරික හා සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන මෙම හිමිකම් අරගලය සම්බන්ධයෙන් ඉහළම අධිකරණ බලධාරීන් මැදිහත්වී ඇති බවට සිදුකළ මෙම ප්‍රකාශයත් සමඟ ඉන්දියානු දේශපාලන සහ අධිකරණ ක්ෂේත්රය තුළ දැඩි සංවාදයක් නිර්මාණය වී තිබේ.














