පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) මගින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගන්නා ලද කිලෝග්‍රෑම් 400කට අධික අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය තොගය විදේශගතව සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ‘කාගෝ ප්‍රියංකර’ සහ ‘රූබන්’ යන අයට අයත් බවට තොරතුරු අනාවරණය වී තිබේ.
රුපියල් කෝටි ගණනක් වටිනා මෙම මත්ද්‍රව්‍ය ජාලය අදාළ ජාවාරම්කරුවන් දෙදෙනා විසින් විදේශගතව සිට මෙහෙයවා ඇති බව විමර්ශන නිලධාරීන් පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරන අතර, මෙම ජාවාරමට සම්බන්ධ මෙරට නියෝජිතයන් සහ අනෙකුත් පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා CCIB මගින් වැඩිදුර විමර්ශන තීව්‍ර කර ඇත.














