කළු මුහුද (Black Sea) හරහා ආරක්ෂිතව ධාන්‍ය ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ සැලසුමක් සකස් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් රුසියාව සහ යුක්‍රේනය යන දෙපාර්ශ්වය සමඟම නිරන්තර සාකච්ඡාවල නිරත වන බව තුර්කි විදේශ අමාත්‍ය හකාන් ෆිදාන් (Hakan Fidan) ප්‍රකාශ කර තිබේ.
ඉස්තාන්බුල් නුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ සුදුසු පසුබිම සකස් වුවහොත්, මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ තුර්කිය මැදිහත්ව සිදුකළ ධාන්‍ය ගිවිසුමට (Black Sea Grain Initiative) සමාන අලුත් එකඟතාවයකට පැමිණීමට කටයුතු කරමින් සිටින බවයි. 2022 ජූලි මාසයේදී ඇති කරගත් අදාළ ගිවිසුම හරහා මෙට්‍රික් ටොන් මිලියන 33කට ආසන්න යුක්‍රේන ධාන්‍ය තොග අපනයනය කිරීමට අවස්ථාව හිමිවූ නමුත්, තමන්ගේ ආහාර සහ පොහොර අපනයනයට බටහිරින් බාධා එල්ලවන බව පවසමින් රුසියාව 2023 වසරේදී එම ගිවිසුමෙන් ඉවත් විය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














