එංගලන්තයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරග දෙකෙන්ම ලැබූ පරාජයන්ගෙන් පසුව, එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත තෙවන හා අවසන් ටෙස්ට් තරගයට පෙර පාකිස්ථාන ක්රිකට් කණ්ඩායමේ සහ පුහුණුකාර මණ්ඩලයේ දැවැන්ත වෙනස්කම් රැසක් සිදුකර තිබේ.
ඒ අනුව ප්රධාන පුහුණුකරු සර්ෆරාස් අහමඩ් (Sarfaraz Ahmed) සහ සහකාර පුහුණුකරු උමර් ගුල් (Umar Gul) එම ධුරවලින් නිදහස් කිරීමට පියවර ගෙන ඇත. මීට අමතරව පළමු තරග දෙකට ක්රීඩා කළ මොහොමඩ් රිස්වාන්, ඉමාම් උල් හක් ඇතුළු ක්රීඩකයින් 7 දෙනෙකු නැවත රටට යවා ඇති අතර ඒ වෙනුවට නවක ක්රීඩකයින් 5 දෙනෙකු ඇතුළත්ව ක්රීඩකයින් 7 දෙනෙකු අලුතින් සංචිතයට කැඳවා තිබේ. තෙවන ටෙස්ට් තරගය සඳහා සුදු පන්දුවෙන් පැවැත්වෙන තරගවල පුහුණුකරු මයික් හෙසන් (Mike Hesson) වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.














