යුක්රේනයේ පවතින අර්බුදය අවසන් කර සාමය උදාකිරීමේ ප්රයත්නයන් තීව්ර කරමින්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ විශේෂ නියෝජිතයින් වන ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ ජැරඩ් කුෂ්නර් (Jared Kushner) සමඟ දීර්ඝ හා සාධනීය දුරකථන සාකච්ඡාවක් පැවැත්වූ බව යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි මහතා පවසයි.
ඔවුන්ගේ ඉදිරි යුක්රේන සංචාරයට අදාළ අවසන් දිනයන් තීරණය කිරීම සඳහා දෙපාර්ශ්වයම මේ වන විට කටයුතු කරමින් සිටින බව ටෙලිග්රෑම් සටහනක් තබමින් සෙලෙන්ස්කි මහතා සඳහන් කළේය. රුසියානු හමුදාවන්ට දැවැන්ත හානි සිදුකරමින් වත්මන් යුධ පිටියේ පවතින තත්ත්වය පිළිබඳව ද ඔහු නියෝජිතයින් දැනුවත් කර ඇත. එළඹෙන සැප්තැම්බර් මාසය තුළ සාම ප්රයත්නයන්හි තීරණාත්මක වෙනස්කම් රැසක් සිදුවිය හැකි බවත්, තම ජනතාව ආරක්ෂා කර ගැනීමට මිත්ර රටවල් සමඟ එක්ව හැකි උපරිම කැපවීම සිදුකරන බවත් යුක්රේන ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














