කිර්ගිස්ථානයේ බිෂ්කෙක් නුවර පැවැත්වෙන 2026 ෂැංහායි සහයෝගිතා සංවිධාන (SCO) රාජ්‍ය නායක සමුළුවට සමගාමීව චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර තීරණාත්මක ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අගෝස්තු 31 වනදා පැවැත්විණි.
එහිදී ජනාධිපති ෂී ජින්පින් පෙන්වා දුන්නේ දෙරටේ නායකයින්ගේ උපායමාර්ගික මාර්ගෝපදේශනය යටතේ චීන – රුසියානු සබඳතාවල පදනම වඩ වඩාත් ශක්තිමත් වෙමින් පවතින බවයි. ගෝලීය වශයෙන් අවිනිශ්චිත සහ අනපේක්ෂිත සාධක ඉහළ යමින් පැවතුණද, කලාපීය ස්ථාවරත්වය සහ සංවර්ධනය තහවුරු කිරීමට SCO සංවිධානය හරහා රුසියාව ඇතුළු පාර්ශ්ව සමඟ සක්‍රීයව කටයුතු කිරීමට චීනය සූදානම් බව ඔහු පැවසීය. මීට ප්‍රතිචාර දක්වමින් රුසියානු ජනාධිපති පුටින් සඳහන් කළේ, SCO, UN, BRICS සහ G20 වැනි බහුපාර්ශ්වික යාන්ත්‍රණයන් තුළ චීනය සමඟ පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට රුසියාව කැපවී සිටින බවයි.














