සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය අතර අත්සන් කරන ලද ‘මෙකා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම’ (Mecca Joint Defence Agreement) යටතේ සවුදි අරාබියේදී මහලේකම් කාර්යාලයක් (Secretariat) පිහිටුවීමට එම රටවල් තුන එකඟතාවකට පැමිණ තිබේ.
ඉස්තාන්බුල් නුවරදී පැවැති සාකච්ඡාවකින් පසු අගෝස්තු 31 වනදා නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයකට අනුව, මෙම මහලේකම් කාර්යාලයේ පළමු මහලේකම්වරයා ලෙස වසර තුනක කාලයක් සඳහා පාකිස්ථාන නියෝජිතයෙකු පත්වීමට නියමිතය. මෙම ගිවිසුම හරහා රටවල් තුනෙහි හමුදාවන්හි සාමූහික ආරක්ෂක හැකියාවන් සහ ඒකාබද්ධතාවය ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇත. මීට අමතරව, යම් හමුදාමය ප්‍රහාරයක් එක් රටකට එල්ල වුවහොත් එය රටවල් තුනටම එල්ල වූ ප්‍රහාරයක් ලෙස සලකා කටයුතු කිරීමට ද මෙම ආරක්ෂක ගිවිසුමෙන් ප්‍රතිපාදන සලසා ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














