ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි 61 අතුරින් ටැංකි 24ක් යළි සක්‍රිය කිරීමටත්, ශ්‍රී ලංකාවේ වරාය පද්ධතිය ඩිජිටල්කරණය කිරීමටත් කැනඩා රජයේ සහාය ලබාදීමට එකඟතාව පළ වී තිබේ.
වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ කැනඩා මහ කොමසාරිස් ඉසබෙලා මාර්ටින් (Mrs. Isabella Martin) මහත්මිය අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳව අවධානය යොමු විය. එහිදී වරාය මෙහෙයුම්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ‘වරාය ප්‍රජා පද්ධතිය’ (Port Community System) සහ ‘නාවික සේවා හා තොරතුරු හුවමාරු පද්ධතිය’ (Maritime Single Window) වැනි ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ද දෙපාර්ශ්වයේම එකඟතාව හිමි විය.














