1993 සිට 1995 දක්වා කාලය තුළ ප්‍රංශයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රබල දේශපාලනඥයෙකු වූ එඩොආර්ඩ් බැලඩූර් (Edouard Balladur) මහතා වයස අවුරුදු 97ක්ව සිටියදී අභාවප්‍රාප්ත වූ බව ප්‍රංශ අග්‍රාමාත්‍ය සෙබස්තියන් ලෙකොර්නු (Sebastien Lecornu) නිල වශයෙන් නිවේදනය කර සිටියි.
සමාජවාදී ජනාධිපති ෆ්‍රොන්සොවා මිටරොන්ඩ් (Francois Mitterrand)ගේ පාලන සමයේදී ප්‍රංශයේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ බැලඩූර් මහතා, ප්‍රංශයේ පස්වන ජනරජයේ අර්ධ සියවසකට ආසන්න ඉතිහාසයක් සමඟ සමීපව කටයුතු කළ රාජ්‍යතාන්ත්‍රිකයෙකි. හිටපු ජනාධිපති ජෝර්ජ් පොම්පිඩූ සමඟ දේශපාලනයට පිවිසි ඔහු, ප්‍රංශයේ රාජ්‍ය පාලනය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ රැසකට නායකත්වය දුන් මතවාදී නායකයෙකු ලෙස ඉතිහාසයට එකතු වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














