මැලේසියාවේ පේරක් (Perak) ප්රාන්තයේ සුල්තාන් නස්රින් ෂා (Sultan Nazrin Shah) රජතුමා විසින් මැලේසියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් දර්ශන එම්. පෙරේරා මහතාව පේරක් රජ මාලිගය (Istana Perak) වෙත උණුසුම් ලෙස පිළිගෙන තිබේ.
දෙරට අතර ද්විපාර්ශ්වික සහ ප්රාදේශීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම හමුව පැවැත්වුණි. එහිදී ශ්රී ලංකාවේ වත්මන් ‘Clean Sri Lanka’ වැඩපිළිවෙළ සහ පේරක් සුල්තාන්වරයාගේ යහපාලන දැක්ම අතර ඇති සමානතාව අගය කළ මහ කොමසාරිස්වරයා, 1880 දශකයේ සිට පේරක් ප්රාන්තයේ සංවර්ධනයට ශ්රී ලාංකික ප්රජාව දක්වන ලද දායකත්වය ද සිහිපත් කළේය. තාක්ෂණය, නවෝත්පාදන සහ දකුණු-දකුණු සහයෝගීතාව (South-South cooperation) හරහා දෙරට අතර ආර්ථික හා ජනතා සබඳතා තවදුරටත් පුළුල් කිරීමට මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.














