ඉරානය කිසිදු අවස්ථාවක යුද්ධයක් අපේක්ෂා නොකළ ද, තමන්ට එල්ල වන ඕනෑම ආක්රමණයකදී නිහඬව නොසිටින බවත් ඊට තීරණාත්මක ප්රතිචාර ලබා දෙන බවත් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) ප්රකාශ කරයි.
ඇමෙරිකානු ප්රහාරයන්ගෙන් පසු නිවේදනයක් නිකුත් කරමින් සහ බිෂ්කෙක් නුවර පැවැත්වෙන 26 වැනි ෂැංහායි සහයෝගිතා (SCO) සමුළුවට සහභාගී වීමට පිටත්ව යාමට පෙර ඔහු මේ බව සඳහන් කළේය. මැදපෙරදිග කලාපයේ පවතින අස්ථාවරත්වය සහ නොසන්සුන්තාව කිසිදු රටක යහපතට හේතු නොවන බවත්, එය සමස්ත කලාපයටම විශාල අභියෝගයක් වන බවත් ඉරාන ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














