නෝර්වේ රාජ්‍යයේ හැරල්ඩ් (Harald V) රජුගේ අභාවයෙන් අනතුරුව, එරට නව රජු ලෙස පත්වූ VIII වන හකොන් (Haakon VIII) රජු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීමට නෝර්වේ පාර්ලිමේන්තුව හමුවේ අද (සැප්තැම්බර් 01) නිල වශයෙන් දිවුරුම් දීමට නියමිතය.
වයස අවුරුදු 89ක්ව සිටියදී ඉකුත් සිකුරාදා අභාවප්‍රාප්ත වූ හැරල්ඩ් රජුට ගෞරව දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත නෝර්වේ වැසියන් රාජකීය මාළිගය අසලට එක්ව සිටිති. මෙසේ හකොන් රජු ලෙස පත්වන 53 හැවිරිදි නව රජු සමඟින් ඔහුගේ බිරිඳ වන මෙට්-මාරිට් (Mette-Marit) රැජින සහ දරුවන් ද මෙම පාර්ලිමේන්තු දිවුරුම් දීමේ උත්සවයට එක්වීමට නියමිතයි. නෝර්වේ රාජ්‍යයේ ඔටුනු පැළඳවීමේ සාම්ප්‍රදායික උත්සව 1908 වසරේදී අහෝසි කර ඇති බැවින්, රජුගේ අභාවයත් සමඟම හකොන් කුමරු ස්වයංක්‍රීයව රජු ලෙස පත් විය. අභාවප්‍රාප්ත හැරල්ඩ් රජුගේ රාජකීය ආදාහන උත්සවය සැප්තැම්බර් 9 වනදා ඔස්ලෝ නුවරදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ලොව පුරා රාජ්‍ය නායකයින් රැසකට ඇරයුම් කර තිබේ.















