බලංගොඩ, පින්නවල – එල්ලාරාව ප්‍රදේශයේ පදිංචිව සිටියදී හදිසියේ අතුරුදන් වූ පාසල් සිසුවියන් තිදෙනා ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී ආරක්ෂිතව සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
අදාළ සිසුවියන් අතුරුදන් වීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ක්‍රියාත්මක වූ පොලිස් විමර්ශන කණ්ඩායම්, ලද විශේෂ තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී මොවුන් මෙලෙස සොයාගෙන ඇත. සිසුවියන් නිවසින් පිටව යාමට හේතුව සහ ඔවුන් ත්‍රිකුණාමලය ප්‍රදේශයට පැමිණි ආකාරය පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු පොලිසිය විසින් පවත්වාගෙන යනු ලබයි.















