හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් පිහිටි රක්ෂිතයේ ඇති විශාල ගල් සහ ගස් කිහිපයක් ඕනෑම මොහොතක ප්‍රධාන මාර්ගයට කඩා වැටීමේ දැඩි අනතුරුදායක තත්ත්වයක් මතු වී තිබේ.
පසුගිය දිනවල ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ මාර්ගයට පස් සහ ගල් කඩා වැටී රථවාහන ගමනාගමනයට බාධා එල්ල වූ අතර, පසුව පස් ඉවත් කළ ද පහළට කඩා වැටීමේ තර්ජනයට ලක්ව ඇති විශාල ගල් සහ ගස් ඉවත් කිරීමට බලධාරීන් මෙතෙක් පියවර ගෙන නොමැත. දිනපතා විශාල වාහන සංඛ්‍යාවක් ධාවනය වන මෙම කාර්යබහුල මාර්ගයේ සිදුවීමට ඉඩ ඇති ජීවිත හානි සහ අනතුරු වළක්වා ගැනීම සඳහා එම අනතුරුදායක කොටස් කඩිනමින් ඉවත් කිරීමට මැදිහත් වන ලෙස ප්‍රදේශවාසීහු වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
















