මෙවර පැවැති 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් දෝෂ සහිත බව පවසමින් කොළඹ ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසලක භෞතික විද්‍යා ගුරුවරයෙකු විසින් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. එහිදී භෞතික විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ අංක 17, 18 සහ 39 යන ප්‍රශ්න දෝෂ සහිත බවට හඳුනාගෙන ඇත.
එම ප්‍රශ්න නිවැරදි නොවන බැවින්, විභාගයට පෙනී සිටි සියලුම සිසුන් වෙත එම ප්‍රශ්න වෙනුවෙන් පොදුවේ ලකුණු ලබා දීමට නිර්දේශ කරන ලෙස අදාළ ගුරුවරයා සිය පැමිණිල්ල මඟින් ඉල්ලා සිටින අතර, සිසුන්ට සිදුවන අසාධාරණය වැළැක්වීම සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා වෙත ද මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.














