සෞදි අරාබියේ සිට බොරතෙල් ප්‍රවාහනය කරමින් තිබූ දැවැන්ත තෙල් නැව් දෙකක් (Supertankers) හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් සිටියදී නොදන්නා ප්‍රහාරක ප්‍රක්ෂේපණයන් (Projectiles) මගින් ප්‍රහාරයට ලක්ව ඇති බව Marisks සහ Kpler නාවික තොරතුරු ආයතන නිවේදනය කරයි.
ඕමානයේ කසාබ් (Khasab) නගරයට ඔබ්බෙන් වූ නාවික තීරයේදී මිනිත්තු කිහිපයක පරතරයක් තුළ මෙම ප්‍රහාරයන් එල්ල වී තිබේ. ප්‍රහාරයට ලක්වූ සෞදි අරාබි ධජය යටතේ යාත්‍රා කළ Sidr නමැති නෞකාව සහ ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ Senegal Prosperity නමැති නෞකාව පසුගිය සතියේ සෞදියේ ජුවෙයිමා (Juaymah) පර්යන්තයෙන් බොරතෙල් බැරල් මිලියන 2 බැගින් පටවාගෙන පැමිණි නෞකාවන් වේ. නෞකාවල සිටි සියලුම නාවිකයින් ආරක්ෂිතව සිටින බව වාර්තා වන අතර, ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය අර්බුදය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට එල්ල වී ඇති මෙම තර්ජනය හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් මිල ගණන් ද ඉහළ ගොස් තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















