ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක චාමික කරුණාරත්නගේ DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පලයක් ලබාගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්රතික්ෂේප කරමින් දුන් නියෝගයට එරෙහිව පැමිණිලිකාර තුවත් නියමුර්තිය කොළඹ සිවිල් අභියාචනා මහධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කර තිබේ.
පැමිණිලිකාරිය කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුව ගොනු කර තිබුණේ සිය දරුවා ක්රිකට් ක්රීඩක චාමික කරුණාරත්නට දාව ඉපදුන බැවින් දරුවාගේ පියා චාමික කරුණාරත්න බව උපපත්ති සහතිකයක් නිකුත් කරන ලෙස රෙජිස්ටර් පත්තරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙසයි. ඒ සඳහා දරුවාගේ පියාභාවය සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් කිරීමට චාමික කරුණාරත්නගේ රුධිර සාම්පලයක් ලබාගැනීම සඳහා අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස ද පැමිණිලි පාර්ශ්වය ඉල්ලීම් කර තිබුණි. පැමිණිලිකාරිය ඉල්ලා සිටින සහනයදී සඳහා ප්රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති බව සඳහන් කරමින් කොළඹ දිසා අධිකරණය පසුගිය අගෝස්තු 04 වැනිදා මෙම ඉල්ලීම ප්රතික්ෂේප කළ අතර එම නඩුව යළි ඔක්තෝබර් 09 වැනි දින කැඳවීමට නියමිතය.
















