මෙරට තැඹිලි වගාව සහ ඒ ආශ්‍රිත අපනයන ආදායම ඉහළ නැංවීමේ අරමුණින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන “Ceylon King Coconut Village” ජාතික වැඩසටහන හෙට (02) කුරුණෑගල, මහායාය වතු පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතය.
මෙම වැඩසටහන යටතේ 2026 සිට 2028 දක්වා වසර 3 තුළ දිවයින පුරා තැඹිලි ගම්මාන 250ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති අතර, 2030 වන විට වාර්ෂික තැඹිලි අස්වැන්න ගෙඩි මිලියන 25කින් සහ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 12කට වඩා වැඩි අගයකින් ඉහළ නැංවීමට අපේක්ෂිතය. ගොවීන් දිරිගැන්වීම සඳහා පවතින තැඹිලි ගසක් පුනරුත්ථාපනයට රු. 700ක සහනාධාරයක් සහ රු. 750ක් වටිනා නව තැඹිලි පැළයක් රු. 150ක සහන මිලකට ලබාදීමට ද කටයුතු යොදා ඇත. පළමු අදියර යටතේ දිස්ත්‍රික්ක 17ක් ආවරණය වන පරිදි මේ වසරේදී ගම්මාන 75ක් ආරම්භ කෙරේ.
















