උතුරු මැද පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ බැඩ්මින්ටන් තරගාවලියේ ප්‍රකාශිත ත්‍යාග මුදල්ජයග්‍රාහකයින් වෙත සම්පූර්ණයෙන් ලබාදීමට කටයුතු කර නොමැති බවට තරගාවලියට එක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් චෝදනා කරයි.
සංවිධායකයින් විසින් පුවත්පත් නිවේදන සහ ප්‍රචාරණ ද්‍රව්‍ය මගින් රුපියල් මිලියනයක හෝ රුපියල් 750,000ක මුළු ත්‍යාග මුදලක් පිරිනමන බවට ප්‍රසිද්ධ කර තිබුණද, ජයග්‍රාහකයින් වෙත ත්‍යාග පිරිනැමීමේදී ලබා දී ඇත්තේ එම මුදලෙන් කොටසක් පමණි. ජූනියර් අංශ සඳහා සම්පුර්ණ මුදල් ත්‍යාග වෙනුවට භාණ්ඩ ද වෙන්කිරීම සහ මූලික නිවේදනවල සඳහන් “තරගකරුවන් සංඛ්‍යාව මත පදනම්ව ත්‍යාග බෙදීමේ” කොන්දේසි ඉදිරිපත් කරමින් සංවිධායකයින් ත්‍යාග මුදල් කප්පාදු කර ඇති බවට චෝදනා නැඟේ.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ Ranking Level 1 යටතේ පැවැත්වෙන මෙවැනි ප්‍රධාන තරගාවලි තුළ සිදුවන මෙවැනි අක්‍රමිකතා සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික ක්‍රීඩා සභාව ) වහාම විමර්ශනයක් පැවැත්විය යුතු බවත්, ක්‍රීඩකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට පියවර ගතයුතු බවත් ක්‍රීඩා ක්ෂේත්‍රයේ පාර්ශ්ව අවධාරණය කරයි.















