විභාග අක්‍රමිකතා හේතුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය හා මුදල් නිරපරාදේ නාස්ති වීම නිසා කොළඹ විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියෙන් රුපියල් ලක්ෂ 50ක වන්දියක් අය කර දෙන්නැයි ඉල්ලා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවෙකු පවරා ඇති නඩුවකට අදාළව, වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා සහ කථිකාචාර්යවරුන් ඇතුළු නිලධාරීන් හත්දෙනෙකුට ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නුගේගොඩ දිසා විනිසුරු ආර්.ඒ.එන්. රාජපක්ෂ මහතා නොතිසි නිකුත් කර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මඟින් පවත්වනු ලබන ව්‍යවසායකත්ව හා කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සනත් කුමාර අතුකෝරළ මහතා විසින් මෙම නඩුව ගොනු කර ඇති අතර, මුලින් විභාගය අසමත් කළ සිසුන් යළිත් විභාගයක් හෝ නොපවත්වා පසු අවස්ථාවක සමත් කළේ කෙසේද යන්න පිළිබඳව මෙහිදී ප්‍රශ්න කර ඇත. මෙම නඩුවට අදාළව නොතිසි නිකුත් කර ඇති වගඋත්තරකරුවන් වන්නේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ කථිකාචාර්ය ඩී.සී.එල්. දියගුආරච්චි මහත්මිය, කථිකාචාර්ය ඩබ්ලිව්.පී. ප්‍රේමරත්න මහතා, අංශ ප්‍රධානී සෂිකා අබේධීර මනෝරත්න මහත්මිය, පීඨාධිපති එච්.එම්. නිහාල් හෙන්නායක මහතා, විභාග අංශයේ අතිරේක ලේඛකාධිකාරී වජිරා හපූහින්න ජයරත්න මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති එච්.ඩී. කරුණාරත්න මහතා, වත්මන් උපකුලපති ඉන්දික මහේෂ් කරුණාතිලක මහතා සහ නීතිපතිවරයා ය.
















