160 වන ජාතික පොලිස් දිනයට සමගාමීව ජාතික පොලිස් අභ්‍යාස ආයතනය විසින් සංවිධානය කළ පළමු ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ජාතික පොලිස් අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී ඊයේ (31) ආරම්භ විය. දෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සඳහා දේශීය හා විදේශීය රාජ්‍ය හා පුද්ගලික විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, විද්වතුන්, දේශීය හා විදේශීය අධ්‍යාපන ආයතන සියුස්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම දේශීය හා විදේශීය පොලිස් නිලධාරීන් සහභාගී වී සිටිති.
“Transnational Crime and Social Protection: Integrated Responses for Global Security” යන්න මෙවර සමුළුවේ ප්‍රධාන තේමාව වන අතර, නූතන ලෝකයේ විවිධ ක්ෂේත්‍ර යටතේ සිදුවන අපරාධ පර්යේෂණාත්මක ඇසින් විග්‍රහ කරමින් දේශීය හා විදේශීය වශයෙන් ඉදිරිපත් වූ පර්යේෂණ කෘති රැසක් පිළිබඳව දේශන සහ සාකච්ඡා පැවැත්වීම මෙහිදී සිදු කෙරේ. සමාරම්භක දිනයේදී දේශසීමා ඉක්මවා යන අපරාධ මර්දනයට ජාත්‍යන්තර සබඳතා සහ නවීන තාක්ෂණික මෙවලම් පොලිස් පද්ධතියට එක්කර ගැනීම වැනි වැදගත්කම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර, මිනිස් වෙළඳාම සහ අපරාධකරුවක් රහසිගත රටවල් අතර ප්‍රවාහනය, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු කරුණු රැසක්ද මීට අමතරව සාකච්ඡාවට ලක් විය.














