වසර ගණනාවක් පුරා පැනවූ ආර්ථික සම්බාධකවලින් ඉටු කරගත නොහැකි වූ ඉරාන තෙල් අපනයනය අඩපණ කිරීමේ ඉලක්කය, ඇමෙරිකාව විසින් පැනවූ නාවික වටලෑම (Naval Blockade) මගින් සති හතක වාර්තාගත කාලයක් පුරා සාර්ථකව ඉටුකර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ජූලි 14 වනදා සිට ඇමෙරිකානු නාවික හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධිය සහ ඕමාන් ගොඩබිම් තීරය ආශ්‍රිතව ක්‍රියාත්මක කළ මෙම වටලෑම හේතුවෙන් ඉරානයේ ප්‍රධානතම බොරතෙල් පාරිභෝගිකයා වන චීනය වෙත ලැබෙන නව තෙල් නැව්ගත කිරීම් සම්පූර්ණයෙන්ම නතර වී ඇත. මීට පෙර පැනවූ සම්බාධක හමුවේ වුවද ඉරානය විසින් මසකට යම් තෙල් ප්‍රමාණයක් අපනයනය කළද, මෙවර හෝමුස් සමුද්‍ර සන්ධියෙන් තෙල් නැව් පිටතට යාමට නොහැකි වී තිබේ. Kpler සහ Vortexa දත්තවලට අනුව ඉරාන තෙල් නැව් 29ක් පමණ බැරල් මිලියන 36කට අධික ප්‍රමාණයක් සමඟ සමුද්‍ර සන්ධිය තුළ සිරවී ඇති අතර, තෙල් පටවාගෙන ආපසු යාමට නොහැකිව ශ්‍රී ලංකාව ආසන්න මුහුදු තීරයේ ද ඉරානයට සම්බන්ධ තෙල් නැව් 27ක් පමණ නවතා තබා ඇත. මෙම තත්ත්වය හමුවේ ඉරාන විදේශ විනිමය ආදායම දැඩි ලෙස පහත වැටෙමින් පවතින අතර, එරට උද්ධමනය 70% දක්වා ඉහළ යාමේ දැවැන්ත ආර්ථික අවදානමකට මුහුණ දී සිටියි.














