2026 ජූලි මාසයේදී ශ්රී ලංකාවේ වාහන ආනයනය සඳහා වැය වී ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 241ක් බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
පසුගිය ජූනි මාසයේදී වාහන ආනයනය සඳහා වැය වී තිබුණේ ඩොලර් මිලියන 182ක් වන අතර, එයට සාපේක්ෂව ජූලි මාසයේදී වාහන ආනයන වියදම 32%කින් පමණ ඉහළ ගොස් ඇත. මහ බැංකුවේ විදේශීය අංශයේ ක්රියාකාරිත්වය පිළිබඳ වාර්තාවට අනුව, 2026 වසරේ මුල් මාස 7 (ජනවාරි – ජූලි) තුළ වාහන ආනයනය සඳහා වූ සමුච්චිත වියදම ඩොලර් මිලියන 1,495ක් ලෙස සටහන් වේ.
එමෙන්ම, 2026 ජූලි මාසයේ සමස්ත වෙළඳ භාණ්ඩ ආනයන වියදම ඩොලර් මිලියන 2,251ක් වන අතර, එය 2025 ජූලි මාසයට සාපේක්ෂව 19.6ක වැඩිවීමකි. පසුගිය 2025 වසර පුරාම වාහන ආනයනය සඳහා වැය වූ මුදල ඩොලර් බිලියන 2.04ක් ලෙස දැක්වේ.














