යුරෝපා ලීග් පාපන්දු තරගාවලිය යටතේ ඊශ්‍රායලයේ හැපොයෙල් බියර්-ෂෙවා (Hapoel Beer-Sheva) කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගය තමා බාර නගරයේදී පැවැත්වීමට බෙල්ජියමේ ලෙවන් (Leuven) නගරාධිපති මොහොමඩ් රිඩෝවානි (Mohamed Ridouani) විසින් අනුමැතිය ප්‍රතික්ෂේප කර තිබේ.
යුනියන් සෙන්ට්-ගිලොයිස් (Union Saint-Gilloise) කණ්ඩායම තම ගෘහස්ථ ක්‍රීඩාංගණ ප්රමිතීන් මදිවීම හේතුවෙන් ලෙවන් නගරයේදී මෙම තරගය පැවැත්වීමට සැලසුම් කර තිබුණි. එහෙත් මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව පවසමින් හිස් ක්‍රීඩාංගණයක වුවද එම තරගය පැවැත්වීමට ඉඩ දිය නොහැකි බව නගරාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. ඊශ්‍රායල කණ්ඩායම්වලට එරෙහිව මීට පෙරද බෙල්ජියම් ජාතික කණ්ඩායම් තරග කිරීමට අවසර නොදුන් ස්ථාවරයම මෙහිදීද අනුගමනය කරන බව ඔහු පෙන්වා දෙයි. මේ වන විට යුීෆා (UEFA) සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ වෙනත් සුදුසු ක්‍රීඩාංගණයක් සොයාගැනීමේ වගකීම සත්කාරක යූනියන් කණ්ඩායම වෙත පවතින බවයි.














