ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන SLT-MOBITEL ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ජීවන රටාව පරිවර්තනය කරමින් අසීමිත අන්තර්ජාලය, හඬ සහ විනෝදාස්වාදය එකම වහලක් යටට ගෙන එන ‘SLT-MOBITEL CONNECT’ නම් විප්ලවීය ඒකාබද්ධ සම්බන්ධතා පැකේජය මෑතකදී නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. වර්තමාන ඩිජිටල් යුගයේ නවීන නිවාස සහ වෘත්තිකයන් මුහුණපාන බහුවිධ සේවා කළමනාකරණයේ අභියෝගයට විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇති මෙමඟින්, පවුල්වල සාමාජිකයින්ට, සිසුන්ට මෙන්ම දුරස්ථ සේවකයින්ට නිවසේදී මෙන්ම ගමනේ යෙදී සිටියදීත් කිසිදු බාධාවකින් තොරව ඩිජිටල් අත්දැකීමක් අත්විඳීමට මංපෙත් විවර කර දී ඇත.
මෙම පුළුල් සේවාව යටතේ ගෘහස්ථ පරිශීලකයින්ට 100/50 Mbps වේගයෙන් යුතු ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් අසීමිත දත්ත, අසීමිත හඬ ඇමතුම්, අතිරේක 4G දත්ත, මධ්‍යම රාත්‍රී දත්ත මෙන්ම PeoTV නාලිකා 90කට අධික සංඛ්‍යාවකට ප්‍රවේශ වීමේ අවස්ථාව හිමිවේ. ඊට අමතරව, ජංගම දුරකථන භාවිතා කරන්නන් සඳහා දත්ත සහ හඬ ප්රතිලාභ ලබා දී ඇති අතර, එක්කෝෂිත පවුලේ සිම්පත් පහක් දක්වා මෙම දත්ත හා ඇමතුම් ප්රතිලාභ බෙදාහදා ගැනීමේ සුවිශේෂී හැකියාව ද පාරිභෝගිකයාට උදා කර දී ඇත. රුපියල් 8,500ක නිවාස දීමනාව සහ රුපියල් 1,500ක ජංගම දීමනාව සමඟින් මසකට රුපියල් 10,000ක මුළු මුදලකට මෙම සම්පූර්ණ පැකේජය ලබා ගැනීමට සැලසුම් කර තිබීම හරහා මෙරට පාරිභෝගික ජනතාවට අසමසම ආර්ථික වාසියක් සහ පහසුවක් අත්වනු ඇත.
විවිධ සේවා සඳහා වෙන වෙනම ගෙවීම් කිරීමේ සහ බහුවිධ ගිණුම් පවත්වාගෙන යාමේ බරින් පාරිභෝගිකයා මුදාගැනීම අරමුණු කරගත් මෙම මූලපිරීම, ඉදිරියේදී මෙරට දුරකථන සහ අන්තර්ජාල වෙළඳපොළ තුළ දැවැන්ත තරඟකාරී පෙරළියක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙවැනි විස්තීර්ණ සහ දැරිය හැකි මිලකට ලබා දෙන ඒකාබද්ධ විසඳුම් මඟින් රටේ ඩිජිටල් සන්නිවේදන යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් වන අතරම, ඉදිරි කාලය තුළ ශ්‍රී ලාංකිකයන්ගේ දෛනික ඩිජිටල් අවශ්‍යතා වඩාත් කාර්යක්ෂමව සහ ගුණාත්මකව ඉටු කර ගැනීමට ප්‍රබල පිටුබලයක් වනු ඇත.














