මුල්ලේරියාව, නැගෙනහිර කොළඹ මූලික රෝහලේ සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ රෝහල් කළමනාකරණ කමිටු රැස්වීම් 2026.09.01 දින සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පවත්වා තිබේ. රෝහල් පරිශ්‍ර තුල පවතින පරිපාලනමය ගැටළු, කාර්ය මණ්ඩල හිඟතාවය, වෛද්‍ය උපකරණ ගැටළු, රෝගීන් ප්‍රවාහන ගැටළු, ගොඩනැගිලි ඉදිකිරීම්, අවිධිමත් කසල බැහැර කිරීම් මෙන්ම යටිතල පහසුකම් සංවර්ධනය සහ අසමතුලිත සංවර්ධනය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.
රෝහල් අධ්යක්ෂවරුන් විසින් පරිශ්‍රය හා අවට පරිසරය පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අදාළ ගැටළු සඳහා විසඳුම් ලබාදීමට නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ නිලධාරීන් සාකච්ඡා කර ඇති අතර, නැගෙනහිර කොළඹ මූලික රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වැදගත්කම පිළිබඳවද විශේෂ අවධානය යොමු කර තිබේ. මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන්, අමාත්‍යාංශ නියෝජිතයන්, රෝහල් අධ්යක්ෂවරුන් සහ රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














