තමන් රඟපෑ නවතම චිත්‍රපටය වන ‘මං හොයන්නේ ප්‍රේමයක්’ සිනමාපටයේ මංගල දර්ශනය සඳහා වන ප්‍රථම ආරාධන පත්‍රය සිය විශේෂිත වූ ප්‍රේක්ෂිකාවකට පිරිනැමූ බව ප්‍රකට රංගන ශිල්පී දර්ශන් තවරාජා සිය මුහුණුපොතේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියි.
තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් හදවතින්ම සුබ පතන මෙවැනි කරුණාවන්ත සහ අවංක ප්‍රේක්ෂකයින් පිරිසක් තමන් වටා සිටීම විශාල ආශීර්වාදයක් බව ද ඔහු එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.














