මිගියානා ගෙන්වීමේදී මූල්‍ය වංචා කළ බවට වන චෝදනාවලට අදාළව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ඇතුළු පිරිසකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානය විසින් පවරන නඩුව ලබන ජනවාරි 06 වන දින යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (02) නියෝග කළේය.
සිද්ධියට අදාළ සැකකරු අද (02) අධිකරණයේ පෙනී සිටිමෙත් සමඟ අත්අඩුවට මෙලෙස නියෝග කළ අතර, සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පැවසූයේ ව්‍යාපාර කටයුත්තක් කරන නැමැත්තෙක් බැවින් ඒ සඳහා අවශ්‍ය කටයුතු සඳහා මාගේ සේවාදායකයාට විදේශ ගත වීමට අවශ්‍ය බැවින් තාවකාලිකව විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි. ඒ අනුව සැකකරුගේ විදෙස් ගමන් තහනම ඉදිරි නඩු දිනය දක්වා තාවකාලිකව ඉවත් කිරීමට අධිකරණය නියම කළ අතර, ප්‍රභූගත මිගියානා 08ක් ගෙන්වීමේදී මූල්‍ය වංචා සිදුකළ බවට උදයංග වීරතුංග මහතා ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී තිබේ.














