ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලන සමයේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා, විකාශන අයිතීන් ලබාදීමේදී සිදුවූ බව කියන වංචා සහ ආයතනික අරමුදල් අවභාවිත කිරීම් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවලට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු හිටපු ප්‍රධානීන්ට අද දින මූල්‍ය විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.
විවිධ තරගාවලි සංවිධානය කිරීමේදී සහ අනුග්‍රාහක කොන්ත්‍රාත්තු ලබාදීමේදී සිදුව ඇති බව කියන රුපියල් මිලියන ගණනක අක්රමිකතාවන්ට අදාළව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත අතර, මීට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද පරීක්ෂණ වාර්තා පදනම් කරගනිමින් මෙම ඉදිරි නෛතික පියවරයන් ක්‍රියාත්මක වන බව වැඩිදුරටත් වාර්තා වේ.














