කොහුවල පොලිස් වසම තුළ කිසිදු බාධාවකින් තොරව මත්ද්‍රව්‍ය ජාවාරම පවත්වාගෙන යාම සඳහා දැනට ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘බෝධියවත්තේ කුඩු අවිශ්ක’ නමැත්තාගෙන් කොහුවල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන රත්නායක, චතුරංග සහ කල්හාර යන පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා මුදල් හා වෙනත් වරප්‍රසාද ලබාගන්නා බවට තොරතුරු අනාවරණය වී තිබේ.
අදාළ දූෂිත පොලිස් නිලධාරීන් තිදෙනා ‘කුඩු අවිශ්කගේ’ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ කිසිදු ජාවාරම්කරුවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, ප්‍රදේශයේ පුද්ගලයින්ට තර්ජනය කරමින් අවිශ්කගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන ලෙසට බලපෑම් සිදුකරන බවද වාර්තා වේ. එසේ නොමැති වුවහොත් බලහත්කාරයෙන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා එල්ල කර මහාධිකරණය හමුවේ නඩු පවරන බවටද මොවුන් තර්ජනය කර ඇත. එපමණක් නොව සහමර මිනිසුන්ට මරණිය තරජන එල්ල කරන බවටද තොරතුරැ අනාවරණයවේ.
බෝධියවත්තේ පදිංචි ‘චූටාන්’ පෙර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවු පුද්ගලයෙකි. දැනට වසර කිහිපයක සිට ඔහු එයින් ඉවත්වී තිබේ. එලෙස මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉවක්වු එම පුද්ගලයාටද අදාළ පොලිස් කොස්තාපල්වරුන් විසින් කුඩු අවිශ්කගේ මත්ද්‍රව්‍ය ජාවාරමට එකතු වන ලෙසට තර්ජනය කර ඇති අතර, ඒ පිළිබඳ හඬපටයක් ද දැනට සාක්ෂි ලෙස පවතී.
තවද, කල්හාර නමැති පොලිස් නිලධාරියා ඩුබායි හි සිටින කුඩු අවිශ්කගේ සමීපතම හිතවතියක වන ‘බෝධියවත්තේ චමෝදි’ නමැති කාන්තාව සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන යන බවටද තොරතුරු හෙළි වී ඇත. ඇය කුඩු අවිශ්කගේ උපදෙස් මත මාස 2-3 කට වරක් මෙරටට පැමිණ අදාළ පොලිස් නිලධාරියාව හමුවී ඇති බවද පැවසේ.
ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ඇතුළු ඉහළ බලධාරීන්ගේ අවධානය වහාම මේ වෙත යොමුවිය යුතු අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මුදලට යටවී නිල ඇඳුම පාවාදෙන මෙවැනි දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත.














