එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, ජෝර්දානය, බහරේනය සහ ඉරාකය යන රටවල පිහිටි ඇමරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශ කළ බව ඒෂියා වන් නිව්ස් වාර්තා කරයි.
මැදපෙරදිග කලාපයේ රටවල් රැසක ව්‍යාප්ත වී ඇති ඇමරිකානු හමුදා කඳවුරු සහ නාවික පද්ධති ඉලක්ක කරගනිමින් එකවිට එල්ල වූ මෙම ප්‍රහාර මාලාවත් සමඟ මුළු මහත් මැදපෙරදිග කලාපයේම යුධමය උණුසුම සහ අස්ථාවරත්වය න පෙර නොවූ විරූ මට්ටමකින් ඉහළ ගොස් තිබේ.
















