ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත, රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පසුගියදා සලකා බලා තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ සභාපතීත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ එම කාරක සභාව වෙත ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා ඇතුළු නිලධාරීන් පිරිසක් කැඳවා තිබුණි.
සන්නද්ධ හමුදා සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය සඳහා 2009 වසරේදී අංක 35 දරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත සම්මත කර තිබුණද, වර්තමාන තත්ත්වය මත ත්‍රිවිධ හමුදාව සම්බන්ධීකරණය සඳහා විශේෂිත වූ කාර්යාලයක් හෝ තනතුරක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති වීම හේතුවෙන් එම සම්බන්ධීකරණය ආරක්ෂක අමාත්‍යාංශය හරහා සිදු කිරීමට නියමිතය. එසේම, මෙරට ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී අදාළ කාර්යාලයේ කාර්යයන් ආරක්ෂක අමාත්‍යාංශයට පැවරීමෙන් රජයට සිදුවන වැය බර අඩු කර ගැනීමට හැකි වන බවද මෙහිදී අනාවරණය වී තිබේ.














