දකුණු ඉරානයේ මඟුල් ගෙදරකට සහ පාසලකට එල්ල වූ ඇමරිකානු ප්රහාරවලින් අහිංසක ළමයින් මියයාම හෙළාදකිමින්, ඇමරිකාව ක්රියාකරන්නේ, ඉලක්ක තෝරාගන්නේ සහ ළමයින් ඝාතනය කරන්නේ “සාතාන්” කෙනෙකු මෙන් නම් ඔවුන් සැබවින්ම සාතාන් බව ඉරාන පාර්ලිමේන්තු කථානායක සහ ප්රධාන සාකච්ඡාකරු මොහොමඩ් බාගර් ගාලිබාෆ් ප්රකාශ කරයි.
මිනාබ්හි පාසලකට, ලාමර්ඩ් ක්රීඩාංගණයට සහ කුහෙස්ටැක්හි පැවැති මංගල උත්සවයකට එල්ල වූ ප්රහාරවලදී ළමයින් සහ පවුල් පිටින් ඝාතනය වූ බවත්, මෙලෙස ක්රියාකරන ඇමරිකාව සහ ඊට අනුබල දෙන පාර්ශ්වයන් සැබෑ “මහා සාතාන්” වන බවත් සිය X ගිණුමේ සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
















