චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සාධාරණ හා විධිමත් බහුධ්රැවීය ලෝකයක් එක්ව ප්රවර්ධනය කිරීම හරහා වඩාත් යුක්ති සහගත ගෝලීය පාලනයක් සාක්ෂාත් කරගැනීමේ වැදගත්කම අවධාරණය කර තිබේ.
ඒ ඊයේ (01) පස්වරුවේ කිර්ගිස්තානයේ බිෂ්කෙක් නුවර පැවති “ෂැංහයි සහයෝගිතා සංවිධානයේ ප්ලස් (SCO+)” සමුළුවට එක්වෙමිනි. එක්සත් ජාතීන්ගේ කාර්යභාරය ශක්තිමත් කිරීම සහ ගෝලීය පාලනය ප්රතිසංස්කරණය කිරීමේදී ෂැංහයි සහයෝගිතා සංවිධානය සතු කාලීන වගකම පෙන්වා දුන් ඒ මහතා, සංවිධානයේ කාර්යභාරය ඵලදායී ලෙස ඉටු කිරීම වෙනුවෙන් ආසියා-යුරෝපා පොදු සංවර්ධනය දිරිමත් කිරීම, ගෝලීය දකුණේ සංවර්ධනය තහවුරු කිරීම සහ ගෝලීය පාලන ප්රතිසංස්කරණ සඳහා මගපෙන්වීම යන ප්රධාන යෝජනා ද සමුළුවට ඉදිරිපත් කළේය. වගකිවයුතු ප්රධාන රාජ්යයක් ලෙස චීනය ස්වාධිපත්යය, සමානාත්මතාව සහ අන්යෝන්ය ගෞරවය පදනම් කරගත් සාධාරණ ලෝකයක් වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින බවත්, බහුපාර්ශ්විකවාදය, සංවාදය හා අන්යෝන්ය අවබෝධය තුළින් ලෝකයේ බහුධ්රැවීකරණය සාර්ථකව සාක්ෂාත් කරගත හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්රකාශ කර ඇත.
















