ආරක්ෂක අමාත්‍යාංශය තුළ දැනට සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණවලට සමගාමීව, 2009 වසරේදී හඳුන්වා දුන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනත අහෝසි කිරීම සඳහා වන ‘ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (අහෝසි කිරීමේ) පනත් කෙටුම්පත’ සඳහා සුපාලනය, සාධාරණත්වය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තෙවිද හමුදාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති කාරක සභා රැස්වීමේදී මෙම අනුමැතිය හිමිවූ අතර, අදාළ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා එළඹෙන සැප්තැම්බර් 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කාරක සභා සාමාජික නජිත් ඉන්දික මහතා පැහැදිලි කළේ, දැනට ත්‍රිවිධ හමුදාව අතර සියලු සම්බන්ධීකරණ කටයුතු ආරක්ෂක අමාත්‍යාංශය හරහාම ඍජුව සිදුකෙරෙන බැවින් මෙම පනත අහෝසි කිරීමට පදනම සකස් වූ බවයි.














