රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 8ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 4ක් සමග සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතම ගෝලයෙකු අද (02) වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ලද රහසිගත තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මොහු විදේශගතව සිටින ‘සේදවත්ත කසුන්’ නමැති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන මත්ද්‍රව්‍ය අලෙවිකරුවෙකු ලෙස කටයුතු කර ඇති බවයි. කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කරයි.













