දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කුමන සහ ගල්ඔය ජාතික වනෝද්යානවල පිහිටි සියලුම සංචාරක කඳවුරු බිම් (Campsites) තාවකාලිකව වසා දැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
මේ අනුව කුමන වනෝද්යානයේ අඩ කුඹුක I, අඩ කුඹුක II, ගල් අමුණ, හේරලිගස්කාර සහ මෝයකට යන කඳවුරු බිම්වල සිදුකර තිබූ සියලුම අත්පිටපත් (Bookings) අවලංගු කර ඇති අතර, ගල්ඔය වනෝද්යානයේ හත්පොත පිවිසුමට අයත් කඳවුරු බිම් ද වසා දමා ඇත. අත්හිටුවන ලද අත්පිටපත් සඳහා ඉදිරියේදී විකල්ප දින ලබාදීමට කටයුතු කරන බව පවසන වනජීවී දෙපාර්තමේන්තුව, යාල වනෝද්යානයේ I සහ II කලාපවල සංචාරක බංගලා හා කඳවුරු බිම් ඔක්තෝබර් මාසය සඳහා වෙන්කිරීමට සැප්තැම්බර් 07 වනදා පැවැත්වීමට නියමිතව තිබූ දිනුම් ඇදීමේ උත්සවය ද පැවැත්වෙන්නේ නැති බව වැඩිදුරටත් දැනුම් දෙයි.
















